Thursday 1 November 2012

ගොඩ වැඩිවෙනවා අපි නැතිවෙනවා.

දඹුල්ලට එළවළු ගෙන එන ව්‍යාපාරිකයින් මේවන විට දැඩි අසහනයකට පත්ව සිටියි. දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් නාගරික වෙළෙඳුන් ආර්ථික මධ්‍යස්ථානයට නොපැමිණීම ඊට හේතුවයි. මේ නිසා එළවළු මිල වේගයෙන් පහත වැටී තිබේ. ඉකුත් දිනවල ඉහළ ඉල්ලුමකට අලෙවි වු මිරිස්, කැරට්, ගෝවා, ලීක්ස්, තක්කාලි වැනි එළවළු මේවන විට අඩුමිලකට පවා විකුණා ගැනීමට ව්‍යාපාරිකයින්ට දැඩි සටනක්දීමට සිදුව තිබේ. මේ හේතුවෙන් නුවරඑළිය, වැලිමඩ, බදුල්ල, අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවලින් එළවළු රැගෙන ආ ව්‍යාපාරිකයින් කිසිත් කර කියා ගත නොහැකිව අසරණව සිටින්නේ යැයි අප වාර්තාකරු පවසයි. මේ එවන් දසුන් කිහිපයකි.

No comments:

Post a Comment