Saturday 3 November 2012

කොරියාවේ ඇතෙක් කතා කරයි

දකුණු කොරියාවේ සත්ත්වෝද්‍යානයක වෙසෙන ඇතෙකුට මිනිස් කට හඬ අනුකරණය කළ හැකි බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. 22 වැනි වියේ පසුවන ආසියානු ඇතෙකු වන සත්ත්වයාට නම් තබා ඇත්තේ, කොෂික් ලෙසිනි. කොෂික් සිය හොඬවැල මුඛය තුළට දමා උගුරෙන් එන හඬ වචන බවට පරිවර්තනය කරන බව අධ්‍යනයේදී අනාවරණ වී තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, කොරියානු වචන අනුකරණය කරන මෙම අලියාට ඉංග්‍රීසි බසින් හෙලෝ, සිට් ඩවුන්, නෝ, ලයිඩවුන් සහ ගුඩ් යන තේරුම් සහිත කොරියානු වචන අනුකරණය කළ හැකි බවය. මීට පෙර කසකස්ථානයේ සත්ත්වෝද්‍යානයක සිටි අලියකු රුසියානු බස අනුකරණය කරන බව 1983 වසරේ වාර්තා වුවත් ඒ පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයක් සිදු නොවිණ.

No comments:

Post a Comment