Sunday 9 December 2012

දික්වැල්ලේ නිවසකින් පාසල් පෙළපොත් තොගයක් හමුවෙයි

මාතර දික්වැල්ල ප්‍රදේශයේ නිවසක තිබී පාසල් පෙළ පොත් තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. දික්වැල්ල නිවාස සංකීර්ණ‍යට අයත් නිවසක තිබියදී සොයාගත් මෙම පෙළ පොත් දික්වැල්ල ප්‍රදේශයේ මධ්‍ය මහා විද්‍යාලයකට අයත් බව පොලීසිය සඳහන් කළේය. මාතර පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ති‍බේ. පාසලේ අනධ්‍යයන සේවකයින් දෙදෙනෙකු හා පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත පුද්ගලයෙකු ‍මීට සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ. සැකකරුවන් දික්වැල්ල පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment