Sunday 9 December 2012

කොරියාවේ ගියත් ආණ්ඩුවෙන් ගැලවීමක් නෑ

රැකියා සඳහා කොරියාවට යන අය සේවා කාලය නිමවා නැවත එනවිට තමන් සේවය කළ කාලයට අදාළව පාරිතෝෂිකයක් හිමිවේ. එලෙස කොරියාවේ රැකියාව සඳහා ගොස් නැවත එනවිට ලැබෙන පාරිතෝෂිකයද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගසාකෑමේ සූදානමක් හෙළිවේ. දැනට එම පාරිතෝෂිකය ලැබෙන ක්‍රමවේදය වනුයේ රැකියාව සඳහා ගිය පුද්ගලයා රැකියාව නිමවා එනවිට ඔහු අතරට කොරියා රජය විසින් ලබාදීමයි. එය අපේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට සැලකිය යුතු මුදලිකි. මෙලෙස ලැබෙන එම මුදලද රාපක්ෂ ආණ්ඩුව විසින් ගසාකෑමේ සූදානමක් පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. ඒ සඳහා ආණ්ඩුව ඔවුන් රැවටීමේ ක්‍රමයක් යොදමින් සිටී. එනම් දැනට රැකියාව නිමවා එන පුද්ගලයා අතට ලැබෙන එම මුදල ආණ්ඩුව ලබාගෙන වයස අවුරුදු 60 පසුවූ විට විශ්‍රාමයක් ලෙස ලබාදෙන බව පවසමින් ඔවුන් රවටා එම මුදල ලාබාගැනීමටය. කවුරුත් දන්නා කාරණය වනුයේ එහි රැකියාවට යන තරුණ තරුණියන් වසර පහ අවසන් වනවිට වයස අවුරුදු 32-35 ආදී වයස් සීමාවේ පසුවන අයයි. මෙය ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ට එම මුදල ලබාගැනීම සඳහා තව වසර 25කට වැඩි කලක් බලාසිටිමට සිදුවේ. මේ සඳහා ඩිලාන් පෙරේරා ඇමතිවරයා මැදිහත් කර ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

No comments:

Post a Comment