Wednesday 25 July 2012

උසස් පෙළ අවුල නිසා ගිනි තබාගත් සිසුවාගේ කතාව...!!!

පසුගියදා නිකුත්වූ උසස් පෙළ ප්‍රථිපල නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, අධ්‍යාපන ඇමති ඇතුළු අනෙකුත් අමනෝඥ නිළධාරීන්ගේත් නිරුවත රටට හෙළි වුණා. "පොඩි අවුලක් වෙලා තියෙන්නේ" යැයි පසුගියදා එස්. බී දිසානායක ඇමතිවරයා පැවසූ උසස් පෙල ප්‍රතිපලය නිසා මානසික පිඩනය දරාගැනීමට නොහැකි වූ ශිෂ්‍යයෙක් පසුගිය සතියේ සිරුරට ගිනි තබා ගත්තා. මේ ඔහුගේ ගිනි තබාගැනීම පිළිබඳව කතාවයි. උසස් පෙළ විභාගයෙ පසු කොලඹ පැමිණි ගපූර් අල් අමීර් පසුගිය සතියේ අම්පාරේ එරගම වානගමුවේ පිහිටි තම නිවසට ගියේ පිටරට වසර ගණනාවක් රැකියාව කර පැමිණි තම පියා සහ පවුලේ අය සමඟ තම සතියක නිවාඩුව සතුටින් ගතකිරීමටය. අමීර් කොලඹ පැමිණියේ උසස් පෙළ විභාගය ලියා අවසන්වූ පසුව පාඨමාලාවක් හැදෑරීම සඳහාය. පාඨමාලාව හදාරන අතරතුර තමා විසින් ලියන ලද උසස් පෙල විභාගයේ ප්‍රතීපල විභග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට එක්කර ඇතිබව දැනගැනීමට ඔහුට හදිස්සි වූයේ තමන් බාහිර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව විභාගයට මුහුණ දුන් බැවිනි. අන්තර්ජාලයෙන් දුටු ප්‍රතිඵල අනුව තමා විභාගයෙන් සත්ව ඇති බා ඔහු හිත මිතුරන්ට හා නෑහිතවතුන්ට ඉතාමත් සතුටින්. දේශපාලන විද්‍යාවත්, දෙමල භාෂාවත්, භූගෝල විද්‍යාවත් යන කලා විශයන් තුනට ඒ, බී, සී ප්‍රතිපල ලැබී තිබීම ඔහුට අස්වැසිල්ලක් වූයේ තමන් බාහිර අයදුම්කරුවෙකු ලෙස විභාගයට පෙනී සිටීම නිසාය. පසුගිය 8 වෙනිදා නිවසට පැමිණි අමීර් හට විභාග දෙපාර්තමේන්තුව විසින් තැපෑලෙන් එවන ලද විභාග සටහන කියවා බැලූ විට තමා මෙතෙක් දිනක් සතුටින් ගතකර තිබූ සිහින සියල්ලම බොඳවී යන බවක් ඔහුට දැනෙන්න්නට විය. මිතුරන් හට පැවසූ ප්‍රතිඵලය බොරුවක් බවට පත්වී ඇති නිසා නිවසට පැමිණ සතුටින් කාලය ගත කිරීම වෙනුවට කනස්සල්ලෙන් කාලය ගත කිරීමට ඔහුට සිදුවිය. ගමේ සියල්ලන්ම තමාගේ විභාග ප්‍රතිපලය ඇසීම කරදරයක් වූවා සේම යහළුවන් හට මෙය පැවසීමත් සමඟ ඔවුන් විසින් තමන්ට විහිළු තහලු කිරීම පවා ඔහුට කරදරයක් විය. නිවසේ සිටින තම නැගනියන් දෙදෙනාත් මල්ලිත් සමඟ වෙනදා මෙන් කතා කිරීම පවා අඩු කොට තිබුණි. පසුගිය 12 වෙනිදා කාටත් හොරෙන් තීරණය කළ පරිදි භූමිතෙල් බෝතල් භාගයක්, පියා විසින් පිටරට රැකියාව කර හම්බ කරන ලද මුදලින් ඉදිකරන ලද පදිංචියට නොගිය නව නිවස තුල සඟවා තැබුවේ සියල්ලටම විහිළුවක් බවට පත්වී තිබූ තම විභාග ප්‍රතිපලයෙන් නිදහස් වීමටය. පවුලේ කීපදෙනෙකු හා අවට කීපදෙනෙකු වටවී මිදුලේ කතාබහ කරන අතරතුර නව නිවස තුලට ගිය අමීර් මුහුනේ සිට සිරුර පුරා භූමි තෙල් හලාගත් අමීර් සිරුරට ගිනිතබා ගත්තේය. ශරීරය පුරා ඇවිලෙමින් තිබූ ගිනි ජාලයෙන් බේරීමට උවමනාවක් නොවූවද දැවෙන ශරීරයේ වේදනාව උහූලාගැනීමට නොහැකි තැන මිදුලට ඔහු දිවගියේ නැවතවරක් ජීවිතයට ඇතිවූ බියක් නිසාය. කෑගසමින් ඔහු දිව එනු දුටු සියල්ලෝම වතුර ගසමින් ගින්න නිවාදමන විට මුහුනේ හා ශරීරයේ විශාල ප්‍රදේශයක් පිලිස්සී තිබුණි. පසුව ත්‍රී වීල් රථයකින් අම්පාරේ රෝහලට ගෙනියන විට "මම විභාගේ පාස් වුනා කියලා හැමෝටම කිව්වා. දැන් පාස් වුනේ නෑ කියලා හැමෝම දන්නවා. මට ලැජ්ජයි. ඒකයි මෙහෙම කරගත්තේ. දැන් ඉන්න බෑ" කියමින් ඔහු හඬන්නට විය

No comments:

Post a Comment