Friday, 27 July 2012

"උතුරුකොරියාව අභිමාණය පෙන්වයි"

ග්ලාස්ගෝ හිදි ආරම්භවු ඔලිම්පික් කාන්තා පාපන්දු තරඟයේදී උතුරු කොරියානු පාපන්දු පිල පිටියෙන් ඉවත්වී තිබේ. ඒ දකුණු කොරියානු ධජය යටතේ ඔවුන්ගේ ඡායාරූප රූපවාහිනි තිරය මත දිස්වීම හේතුවෙනි. ඒ අනුව පාපන්දු තරඟය ආරම්භ කිරීමට සිදුවුයේ නියමිත වෙලාවට වඩා පැයක ප‍්‍රමාදයකින් පසුවය. පසුගිය බදාදා (25) හැම්ප්ඩෙන්හි පැවති දෙවෙනි පාපන්දු තරඟයේදී කොලොම්බියාව පරදවමින් 2ට 0ක ජයග‍්‍රහණයක් ලබන්නට උතුරු කොරියාව සමත් විය. සිදුවූ ප‍්‍රමාද දෝෂය පිළිබඳව ලන්ඩන් නුවර තරඟ සංවිධායකයන් උතුරු කොරියානු බලධාරීන්ගෙන් සමාව අයැද තිබේ. තරඟ ආරම්භක අවස්ථාවේ විකාශනය කරන වීඩියෝ පටයේ තම කණ්ඩායමේ රූප රාමු සමග දකුණු කොරියානු ධජය දර්ශනය වනු දුටු උතුරු කොරියානු කී‍්‍රඩිකාවන් මෙලෙස පිටියෙන් ඉවත්වීමට පියවර ගෙන තිබුණි. උතුරුකොරියාවේ රාජ්‍ය බලය හොබවන්නේ කොමියුනිස්ට් පක්ෂය විසිනි.

No comments:

Post a Comment