Monday, 23 July 2012

ශ්‍රීපාද අඩවියේ රාවණාගේ නිධන් සොයා මෙහෙයුමක්

ශ්‍රී පාද වන අඩවියට අයත් ගොං මොල්ලිය වනාන්තරය ප්‍රදේශයේ මේ මොහොත වන විට ආරක්ෂක අංශ වලට අයත් යැයි සැක කළ හැකි කණ්ඩායමක් යම් සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් සිටින බව අපට දැන ගැනීමට ලැබී තිබේ. මෙම ප්‍රදේශය ප්‍රසිද්ධව ඇත්තේ රාවණා රාජධානිය පැවැති යුගයට අයත් ධන නිධානයන් තැන්පත්ව කර ඇති ප්‍රදෙශයක් ලෙස බව අවට ගම් වාසින් පෙන්වා දෙයි. අතිශය දුෂ්කර වනාන්තර ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට කිසිවකුට ළගාවීම අපහසු හෙයින් රාවනා රජ සමයේ නිධානයන් මෙහි තැන්පත්ව ඇති බව ඇතැම් ලේඛනයන්ගේද සඳහන්ව තිබේ. කෙසේ නමුත් මේ වන විට මෙම ප්‍රදේශයේ සැකකටයුතු පිරිසක් සැරි සරන බව ගම්වාසින් පොලීසියට දන්වා ඇති අතර පොලීසිය පවසා ඇත්තේ එම ප්‍රදේශය තමන්ට අයිති නැති බවය. පොලීසියේ මෙම මග හැරීම බරපතල සැකසහිත කාරනයක් බව ගම්වාසින් පෙන්වා දෙති. ආරක්ෂක අංශ වල යැයි සැක කරන පිරිස් රට පුරා යම් බලසම්පන්න කඩුවක් සොයන බවට පැතිර යන කතා නිසා මේ වනාන්තරය තුළත් එවැන්නක් සොයනවාද නැතිනම් නිධානයක් සොයනවාද යන සැකය තමන්ට ඇති බව ද ගම් වාසියකු අපට පැවැසීය.

No comments:

Post a Comment