Monday, 23 July 2012
ඉරාකයේ බෝම්බ ප්‍රහාර වැලක්-91ක් මරුට
23) ඉරාකයේ නගර ගණනාවක සිදුවූ බෝම්බ ප්‍රහාර ගණනාවක් හේතුවෙන් 91දෙනෙක් මියගොස් ඇති අතර 172කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පොලිස් මුරපොළවල්, හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් සිදුවූ මෙම ප්‍රහාරවල ඉලක්කය ආරක්ෂක අංශවල සාමාජිකයින් බව සඳහන්ය.
බෝම්බ 06ක් පුපුරාගිය බැග්ඩෑඩ් උතුරේ පිහිටි ටාජි නගරයේ පමණක් පුද්ගලයින් 24දෙනෙක් මැරණයට පත්වී තිබෙන බව ප්‍රකාශ බව අතර තවත් නගර 10ක පමණ පිපිරීම් සිදුව තිබේ.
මෙම පහරදීම් සිදුව ඇත්තේ ඉරාකයේ අල් කයිඩා ප්‍රධානියා යැයි සැලකෙන අබු බකර් විසින් තමන් පෙර අල්ලා ගෙන සිටි ප්‍රදේශ නැවත අල්ලා ගන්නා නව ප්‍රහාර මාලාවක් දියත් කරන බව ප්‍රකාශ කර දිනකට පසුවය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment