Monday 27 August 2012

ඔස්ටේ‍්‍රලියාවට යන්න හැදූ 77ක් රිමාන්ඩ්

මීගමුව ප‍්‍රදේශයෙන් නීතිවිරෝධී ලෙස ඈන් මිෂෙල් යාත‍්‍රාවෙන් ඕස්ටේ‍්‍රලියාවට යාමට උත්සාහ කළ 77 දෙනෙකු ලබන 29 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (27) නියෝග කළේය. මේ අතර, සිටින බාලවයස්කාර දරුවන් දෙදෙනා මාකොළ රැඳවුම් නිවාසයට යොමුකරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුවන් පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගැනුන අතර සැකකරුවන් අතර මෙම ජාවාරම මෙහෙයවූ බව කියන ප‍්‍රධාන සැකකරුවන් සය දෙනාද සිටිති. මේ අතර, අදාල යාත‍්‍රාවේ තිබී අත්අඩංගුවට ගැනුන කල් ඉකුත්වන ආහාර ද‍්‍රව්‍ය වෙන්දේසි කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment