Monday 27 August 2012

අධ්‍යාපනය බිද දැමීමේ විදෙස් කුමන්ත්‍රණයක්!

පහවසර ශිෂ්‍යත්ව විභාගය ඇතුළු පසුගිය කාලයේ පැවති විභාගවල අඩුපාඩු පැවති බව පවසමින්, අධ්‍යාපන ‍ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය පළුදු කිරීමේ දෙස් විදෙස් කුමන්ත්‍රණයක් පවතින බැවින්, මේ සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බව පවසමින් ගුරුසංගම් කිහිපයක් කුමන්ත්‍රණයක යෙදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියේ ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණ අංශය විසින්ද මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ඔහු කියා සිටියි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍ර කලින් නිකුත් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පති වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

No comments:

Post a Comment