Monday, 8 October 2012
මාලඹේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව ගොනු කල පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
මාලඹේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව වෛද්‍යවරු දෙදෙනෙකු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් දෙදෙනෙකු ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභ කළේය.
අග විනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, පී.ඒ රත්නායක, සහ එස්.අයි ඉමාම් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැඳවනු ලැබීය.
නීතීයෙන් දෙන ලද කාල සීමාව ඉක්මවා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වගඋත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පැවසූහ,.
ඒ අනුව, එය පිළිගත් අධිකරණය පෙත්සම නිශ්ප්‍රබ කළේය.
පෙත්ම්කරුවන් කියා සිටියේ මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිගත හැකි වෛද්‍ය විද්‍යාලයක් නොවන්නා සේම , වෛද්‍ය උපාධි දීම සඳහා එම ආයතනයට සුදුසුකම් හා ප්‍රමිතියක් නොමැති බව ය.
මෙම ආයතනයෙන් , ප්‍රදානය කරන උපාධි පිළිබද ප්‍රශ්න නැගෙන නිසා එහි උපාධි ප්‍රදානය, නතර කල යුතු බව ඔවුන් පෙත්සමෙන් ඉල්ලා තිබුණි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment