සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභවේ සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල මහතා පැවසුවේ, එහි සෙසු සාමාජිකයින් ලෙස ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සුජීව මුදලිගේ යන මහත්වරුන් පත් කර ඇති බව ය.
මේ අතර, මාස් කන්නයේ අස්වැන්න ලැබෙන තුරු නියඟය බලපා ඇති ප්‍රදේශවල ගොවීන් ලබා ගෙන ඇති කෘෂි ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට උපදෙස් දී ඇති බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
No comments:
Post a Comment