Tuesday 28 August 2012
ආචාර්ය සටනට සහාය පළ කරන NTUC උද්ඝෝෂණට වෘත්තීය සමිති රැසක
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන අඛණ්ඩ වැඩවර්ජනයට සහාය පලකරමින් අද (28) දින කොළඹ කොටුවේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් උද්ඝෝෂණයක් පැවැතිවීය.
මේ වන විට රටේ අධ්‍යාපනය විශාළ වශයෙන් කඩා වැටීමට ලක්ව ඇතිබවත් ඒ හමුවේ පැන නැගි ඇති අර්බුදය තීව‍්‍ර වෙමින් පවතින බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.
රටේ ඉහළම ක්‍ෂේත‍්‍රය නියෝජනය කරන සරසවි ආචාර්යවරුන් ගෙන යන සටනට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහාය පලකර සිටින බවත් මෙම උද්ඝෝෂණයේදී ඔවුහු අවධාරණයකර සිටියහ.
මෙම අවස්ථාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන විදුලි, දුම්රිය, වරාය, ප‍්‍රවාහන සහ අන්තර් සමගාම් සේවක සංගමය ආදී වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් සහභාගී වූහ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment