Monday 27 August 2012

මාලිංගගේ පන්දුවෙන් රිලී රෝහලේ

පසුගිය සෙනසුරාදා කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේ පැවැත්වූ S.L.P.L. ක‍්‍රිකට් තරගය අතරතුරදී ලසිත් මාලිංග යැවූ පන්දුව වැදීමෙන් ප්‍රතිවාදී ක්‍රීඩක රිලී රෝසව් අනතුරකට ලක්විය. රුහුණු රෝයල්ස් පිළ නියෝජනය කරන ලසිත් මාලිංග දැමූ වේග පන්දුව බස්නාහිර පිලේ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක රිලී රොසව්ගේ මුහුණේවැදීම නිසා පහරදෙමින් සිටි ඔහු තුවාලවී ඉන් රුධිරය ගලන්නට විය. රිලීගේ දකුණු ඇස අසල මෙම තුවාලය සිදුවිය. එම අනුතුරුට පක්වන විට ලකුණු 31 ක් ලබා සිටි ඔහු පහරදීම නවතා ප‍්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත. ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි අනතුරු ගණනාවක් ම වාර්තවී තිබුනද මෙවැනි සිදුවීම් ඉතා කලාතරුකින් සිදුවන සිදුවීම්බවට සැලකේ. තම පන්දුයැවීමෙන් නිතර නිතර ක්‍රීඩකයන් මෙවැනි අනතුරුවලට ලක්වන්නේ නම් එවැනි පන්දු යවන්නන් අනතුරුදායක පන්දු යවන්නන් ලෙස ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් හඳුන්වනු ලැබේ. එම තරගයේදී ලකුණු 123 ක් පමණක් ලබාගත් බස්නාහිර පිළට අවසන් පූර්ව වටයට ඒමේ අවස්ථාව අහිමිවිය.

No comments:

Post a Comment