Monday 27 August 2012

ප්‍රධාන සැකකරු පාපොච්චාරණයට සුදානම්

වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණා පාරේ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කිරීමට එහි ප්‍රධාන සැකකරු කැමැත්ත පළකර ඇතැයි පොලීසි අධිකරණයට දැනුම් දුන්නේය. ඒ, එම ඝා‍තන සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීය. සිද්ධියට අදාළව පරීක්ෂණ ප්‍රගතිය, අධිකරණයට දැනුම් දුන් පොලීසිය කියා සිටියේ, මරණකරුවන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇති බවයි. මේවන තෙක් එවායේ වාර්තා ලැබී නොමැති බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. පාපොච්චාරණය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන හෙට දැනුම් දෙන ලෙස අධිකරණය සැකකරුට නියෝග කළේය.

No comments:

Post a Comment