Saturday 18 August 2012

මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන රජයේ වාහන පොලිස් භාරයට ගන්න

පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා අපේක්ෂකයින් යොදාගෙන ඇති රජය සතු වාහන වහාම, පොලිසිය භාරයට ගන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා උපදෙස් දී තිබේ. අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ඇතැම් ප්‍රදේශවල රජය සතු වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බවයි. කෑගල්ල, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් එම පැමිණිලි වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ පිළිබදව ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂය ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි, අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඒ අනුව අදාළ සියලු වාහන පොලීසිය භාරයට ගෙන පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන් යටතට පත් කිරිමට නියමිතයි. මේ පිළිබදව පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ද උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

No comments:

Post a Comment