Friday 10 August 2012
ලිඛිත පොරොන්දුවක් දෙන තුරු වර්ජනය අත්හරින්නෙ නැහැ
ල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලි සේවකයින් ඊයේ දහවල් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සහ එහි තාක්ෂණ සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ මෙම වර්ජනයට එක් සිටී.
ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, රජය තම ඉල්ලීම් සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ 45% ක වැටුප් වැඩිවීමක් ඉල්ලීම අසාධාරණ බවයි.
දැනට අක්‍රියවී ඇති නොරච්චෝලේ තාප බලාගාරය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
බලාගාරය අක්‍රියවීම හේතුවෙන් අද දිනයේද දිවයින පුරා කාණ්ඩ 4 ක් යටතේ පැය දෙකයි විනාඩි 15 ක කාලයක් විදුලි බලය අත්හිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment