Thursday, 11 October 2012
ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙන්නේ නෑ
රජය සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.
එම තීරණයට එළඹ ඇත්තේ මීට ටික වේලාවකට පෙර අවසන් වූ විධායක කමිටු රැස්වීමේදී ය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ විය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී නොවුවද වැඩ වර්ජනය අත්හැරීමට ඔවුන් එකග වූ බව ය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තවදුරටත් පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා යළිත් රැස්වීමට නියමිත බව එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment