Thursday, 30 August 2012

ඉසෙඩ් අර්බූදයේ අවසන් විසදුම් දෙන්නැයි, නියෝග

ඉසෙඩ් ස්කෝර් අර්බුදය සම්බන්ධයෙන් වන අවසාන විසදුම ඇතුළත් වාර්තාව ලබන 03 වැනි දින ඉදිරිපත් කරන ලෙස අද ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසන් සභාවට නියෝග කළේය. එම නියෝගය නිකුත් කරනු ලැබුවේ, ඉසෙඩ් ස්කොර් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නැවත වරක් ගණනය කළ ලකුණු ක්‍රමයෙන් අසාධාරණයට ලක් වු බව පැවසෙන සිසුන් 33 දෙනෙකු ගොනු කර තිබු පෙත්සම් අද සලකා බැලු අවස්ථාවේදී ය. එහිදී නීතිපතිවරයා දැනුම් දි සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් එක්ව ඉසෙඩ් ස්කොර් අර්බුදය විසදීමට අවසන් වාර්තාව සකස් කරමින් සිටින බවය. මෙම වාර්තාව අවසන් වාර්තාවක් විය යුතු බවත්, ඉන් කිසිවෙකුගේ අයිතිවාසිකම් කඩ නොවිය යුතු බවත් එහිදී එහිදී අගවිනිසුරු ආචර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අවධාරණය කර සිටියාය. ‍එමෙන්ම හැකි තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස අගවිනිසුරුවරිය දැනුම් දුන්නාය. ලබන 03 වැනි අවසන් වාර්තාව ඉදිරිපත් කිරිමට නොහැකි වුවහොත් එය ලබන 10 වැනිදා කඳවීමට ද නියම කෙරිණ. මෙම පෙත්සම් සලකා බැලුණේ, අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක සහ කේ. ශ්‍රිපවන් යන විසුරුවරුන් හමුවේදී ය.

No comments:

Post a Comment