Tuesday 28 August 2012

කොරියානු විභාගයට දින නියම වෙයි

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඔක්තෝම්බර් මස 13 සහ 14 යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ මේ වන විට ඊට අදාළ ප්‍රවේශ පත්‍ර ලබා දීම අවසන් කර ඇති බවය. ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 35,000 කට ආසන්නයි. විදේශ සේවා නියුක්ති කාර්යංශ පැවසුවේ මෙවර ප්‍රවේශ පත්‍ර ලබාදීමේදී විදේශ ගමන් බල පත්‍රය අනිවාර්ය කිරීම හේතුවෙන් පසුගිය වසරවල පැවති තදබදය විශාල වශයෙන් අඩු වූ බවයි.

No comments:

Post a Comment