Tuesday 28 August 2012

ගෙහිමියාගේ මළ සිරුර නිවසේම ගඩොල් පෝරණුවේ

මහියංගනය, රිදීමාලියැද්ද අටේ කණුව ප්‍රදේශයේ පුද්ගලයකු පිළිස්සුණු මළ සිරුරක් ග‍ඩොල් පෝරණුවක තිබියදී සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම පුද්ගලයා පසුගිය සෙනසුරාදා සිට අතුරුදන්ව ඇති බවයි. අද දහවල් ඔහුගේ ගෙවත්තේ පිහිටි ගඩොල් පෝරණුව තුළ පිළිස්සී මියගොස් සිටියදී සිරුර හමු වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මියගොස් ඇත්තේ 26 හැවිරිදි විවාහක එක්දරු පියෙකි.

No comments:

Post a Comment