Monday, 10 September 2012

පස් බැම්මට යට වී දියතලාවේ සෙබළු 6ක් මරුට

දියතලාව යුඳ හමුදා කඳවුරතුළදී පස් බැම්මකට යටවීමෙන් හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇති බව වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජී.වී. රවිප්‍රිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සිද්ධියට මුහුණ දුන් සෙබළුන් 8 දෙනාම ‍ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කළ බවයි. ඉන් 06 දෙනෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තවුරටත් ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජී.වී.රවිප්‍රිය මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment