Wednesday, 19 September 2012
ජල ගාස්තු ඉහළ දැමේ
ලබන මස පළමු වැනිදා සිට ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
එහි සාමාන්‍යාධිකාරි ලාල් ප්‍රේමනාත් මහතා පැවසුවේ, 5% සිට 20% දක්වා ප්‍රතිශතයන්ගෙන් ජල ගාස්තු ඉහළ නැංවෙන බවයි.
ජල ගාස්තු ඉහළ නැංවීම කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකෙරෙනු ඇති.
මේ අනුව ගෘහස්ත සහ ව්‍යාපාරික ජල සැපයුම් ගාස්තුව 20% කින් ඉහළ යනු ඇති.
ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ජල සැපයුම් ගාස්තුව 15% කින් ඉහළ දමන බව ඔහු සඳහන් කළේය.
සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ කුඩා පරිමාණ කර්මාන්ත සදහා ජල සැපයුම් ගාස්තුව 5% කින් ඉහළ දමන බවයි.
මීට අමතරව නැව් සඳහා සපයන ජලය සඳහා අය කරන ගාස්තුව 20% කින් ඉහළ දැමීමටද තීරණය කර තිබේ.
සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ආගමික ස්ථානවලට සපයන ජල සැපයුම සඳහා අය කරන ගාස්තුව ඉහළ නොදමන බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment