Saturday, 22 September 2012

නාවුරු යාම ප්‍රතික්ෂේප කළ ලාංකිකයින් යළි දිවයිනට

නාවුරු රාජ්‍යයේ සංක්‍රමණික මධ්‍යස්ථානය වෙත යාම ප්‍රතික්ෂේප කළ ශ්‍රි ලාංකිකයින් 18 දෙනෙකු ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දිවයිනේ සිට ගුවන් මගින් ශ්‍රී ලංකාවට එවා තිබේ. ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගෙන් පැවසුවේ අද උදෑසන 9.00 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි. ඒ අතර සංක්‍රමණික කටයුතු පිළිබඳ ඕස්ට්‍රේලියානු අමාත්‍ය ක්‍රිස් බෝවන් මහතා එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ යළි ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බව පැවසු හෙයින් ඔවුන් ශ්‍රි ලංකාව බලා පිටත් කර හැරි බවයි. පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ඕස්ට්‍රේලියාව නව සංක්‍රමණික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමත් සමග බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා නීති විරෝධිව යන සංක්‍රමණිකයින් නාවුරු රාජ්‍යයේ රැදවුම් මධ්‍යස්ථාන වෙත පිටත් කර හරිනු ලබයි.

No comments:

Post a Comment