Sunday 30 September 2012

සරසවි සිසු දෙප‍ළගේ දේහයන් නිවෙස් වෙත

ගම්පහ ඉඹුල්ගොඩ දී සිදු වූ යතුරුපැදි අනතුරින් මියගිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ සිරුරු මේ වන විට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබේ. මෙම සිසුන් දෙදෙනා මියගියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පා ගමනට අවශ්‍ය අත්පත්‍රිකා ගෙන ඒමට යමින් සිටිය දීය. පෙරේදා සිදුවූ එම අනතුරෙන් මිය ගියේ ,කැළණිය විශ්ව විද්‍යාලයේ ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර ද සිල්වා යන සිසුන් දෙදෙනාය. මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිව සිටි ජනක බණ්ඩාර ඒකනායක කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. ඔහු සහෝදරයින් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාද වේ. ජනක බණ්ඩාර ඒකනායක ,කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. අනතුරින් මියගිය අනෙක් විශ්ව විද්‍යාල සිසුවා වූ සිසිත ප්‍රියංකර ද සිල්වා,මිත්තණියගේ සෙවණේ හැදී වැඩී ඇති අතර ඔහු මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

No comments:

Post a Comment