Saturday 8 September 2012

සමහරු මට පක්ෂය එපා කරවනවා - දයාසිරි

එජාපය තුළ සිටින සමහර පුද්ගලයන් තමාට පක්ෂය එපා කරවීමට ක්‍රියා කිරමින් සිටින බව දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු දිනපතා පුවත්පතකට ප්‍රකාශක් ලබා දෙමින් මේ බව පවසා ඇත. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇතිතේ තමන්ට පක්ෂය තුළ කොතරම් කැපිලි - කෙටිලි ආවත් තමන් කිසි විටෙකත් පක්ෂපයෙන් නෙරපිය නොහැකි බවයි. තමාට පක්ෂය එපා කරවීමට කවුරුන් කොපමණ උත්සාහ දැරුවත් කිසි දිනක එය කිරීමට නොහැකි බවද පවසයි. කෙසේ නමුත් ඔහු එළඹෙන වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට නියමිත බවද ඔහුට සමීපතම ආරංචිමාර්ග අනාවරණය කරයි.

No comments:

Post a Comment