ඉන්දුනීසියානු මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් පනස්දෙනෙකු එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එරට සහන සේවා බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ යාත්‍රාකල බෝට්ටුවේ එන්ජිමක්‍රියාවිරහිතව මුහුදේ අතරමංව සිටි එම පිරිස ධීවරයින් විසින් සොයාගනු ලැබූ බවය.අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් යාත්‍රා කරන්නට ඇතැයි සැකකෙරේ.සුමාත්‍රා දිවයිනට කිලෝමීටර් 100 ක් පමණ දුරින් පිහිටි මෙන්තවායි දිවයින ආසන්නයේදී එම පිරිස හමුවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
No comments:
Post a Comment