ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකාවට අයත් ආයතනවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරත් වේරගොඩ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
පසුගිය 29 වැනිදා බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව එරට රජය මෙම පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
සරත් වේරගොඩ මහතා පැවසුවේ, බංග්ලාදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආරක්ෂක උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බවයි.
No comments:
Post a Comment