Monday, 19 November 2012

බොරලැස්ගමුවේ දී තරුණයෙකු ඝාතනය කෙරේ

බොරලැස්ගමුව, දිවුලපිටිය පන්සල පාර ප්‍රදේශයේදී අද අලුයම 2.20 ට පමණ තරුණයෙකු ඝාතනය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ තියුණු ආයුධයකින් ඇන මොහු ඝාතනය කර ඇති බව ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු බවත් මළසිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලිසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට පත්වූහ. ත්‍රිරෝද රථයක් සම්බන්ධ ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පැවසීය.

No comments:

Post a Comment