Monday, 19 November 2012

විදුලි සැර වැදී අයෙකු මරුට

වලස්මුල්ල අකුරැස්සවත්ත ප්‍රදේශයේදී ගසක අතු කපමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් විය. කපන ලද අත්තක් අධි බලැති විදුලි රැහැනක් මතට වැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. වලස්මුල්ල ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment