Friday, 30 November 2012

මහපොළොවට මේ බර වැඩි නොවේද

වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ වාකනේරිය 129 හා 130 වැනි දුම්රිය කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් වනඅලි සිව්දෙනෙකු මියගොස් තිබේ ඊයේ (29) රාත්‍රී මෙය සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. එක් අලියෙකු විදුලි රැහැනේ ගැටීමෙන් පසු එම අලියා බේරා ගැනීමට යාමේදී අනෙක් අලි තිදෙනා ද මෙලෙස මරණයට පත්ව ඇතැයි වනජීවි නිලධාරීන් පවසයි. ප්‍රධාන විදුලි රැහැනෙන් තාවකාලිකව ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලි සිව්දෙනා මියගොස් ඇත.

No comments:

Post a Comment