Sunday, 18 November 2012

බම්බලපිටියේ දී අයෙකු ගෙල කපා ඝාතනය කෙරේ

බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ ‍මෝටර් රථයක් තුළ තිබී ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ. පොලිසිය සඳහන් කලේ තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල කපා ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර අද පෙරවරුවේ රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ආර්.එම්. ඉන්ද්‍රසෝම රත්නායක මහතා වෙඩි තබා ඝාතනය කර තිබුණි. පොලිසිය සඳහන් කළේ මිරිහාන කට්ටිය හන්දිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක මුරකරුවකු ලෙස සේවය කළ පුද්ගලයෙකුද ඊයේ රාත්‍රියේ ඝාතනය කර ඇති බව ය.

No comments:

Post a Comment