Sunday, 18 November 2012

බියගම, මල්වාන ප්‍ර‍දේශ වලට ජල සැපයුම අඩාලයි

පානීය නළ ජල සැපයුම අඩාලවීමෙන් බියගම, මල්වාන ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති ඔවුන් පෙන්වා දෙන්නේ දින දෙකක සිට එම ප්‍රදේශයට නළ ජලය නොලැබෙන බව ය. මින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින්නේ මල්වාන, වල්ගම, කරාබුගස්හන්දිය, උලහිටිවල සහ රක්ෂපාන ප්‍රදේශවල ජනතාව බව පැවසේ. මේ සම්බන්ධයෙන් අප ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලයේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය සාමානාධිකාරී කුසුම් බණ්ඩාර මහත්මියගෙන් විමසීමක් කළ පසු ඇය පැවසුවේ කරාබුගස්හන්දිය ප්‍රදේශයේදී ජල නළයක බිදවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව ය. එම ජන නළය මේ වනවිට පිළිසකර කර ඇති බවත් ඒ අනුව අද පස්වරුවේ සිට එම ප්‍රදේශවල ජනතාවට යළිත් නළ ජලය නිකුත් කළ හැකි බව ඇය පැවසුවා ය.

No comments:

Post a Comment