Thursday 29 November 2012

සමූහ මිනී වල මතුවීමෙන් එජාපයේ මෙන්ම ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි ආණ්ඩුවේ ඝාතනත් හෙළිවෙන ලකුණු

පසුගිය 26 වනදා මාතලේ රෝහලේ ජීව වායු ඒකකය සඳහා වළක් කැණීමේදී දිරා පත්වූ මිනිස් ඇටකටු රැසක් සහිත සමූහ මිනීවලක් හමුවූ බව අධිකරණයට වාර්තා කළ මාතලේ මූලස්ථාන පොලිසියට මාතලේ අතිරේක දිසා විනිසුරු මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝගකළ ආකාරයට තවදුරටත් ඇටසැකිලි ඇත්දැයි සොයා බැලීමේ කැණීම් 27 වනදා සිට ආරම්භ කර ඇත. ඊයේ 28 වනවිට මිනිස් හිස් කබල් 06ක් සමඟ ඇටකටු රැසක් මේ වළ තුළ තිබී සොයා ගැනීමට හැකි වූ අතර මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතාගේ අධීක්‍ෂණය යටතේ කැණීම් සිදු කෙරෙන බව පොලිසිය කියයි. මේ වන විට මළ සිරුරු 08 ඇට සැකිලි හමුවී ඇත. පෙරේදා සවස පැවැති අධික වැසි නිසා සමූහ මිනී වළ හැරීමේ කටයුතු නැවැතීමටද සිදුවී තිබේ. මාතලේ මහ රෝහල් භූමියෙන් මතුවූ මෙම සමූහ මිනී වළ ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ල සමයේ ඝාතනය කළ පුද්ගලයන් වලදැමූ සමූහ මිනී වළක්දැයි යන සැකයක් මතුව තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම රෝහල් භූමියේ එවකට හිස්ව තිබූ අද අංක 11 සහ 12 වාට්ටු පවත්වාගෙන යන ගොඩනැඟිල්ලේ හමුදා කඳවුරක් පවත්වාගෙන ගොස් තිබීමයි. එවක අත්අඩංගුවට ගන්නාලද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මෙම රෝහල් භූමියේ පවත්වාගෙන ගිය හමුදා කඳවුරෙහි රඳවාගෙන සිටි බවත් ඔවුන් විශාල වශයෙන් වද බන්ධනවලට ලක්වූ බවත් ප්‍රදේශවාසීහු පවසති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුව විසින් එවකට රාජ්‍ය බලය හෙබවූ අතර මෙම ඝාතනයන් සඳහා රාජ්‍ය අනුග්‍රහය නොවඩුව ලැබුනු බව නොරහසකි. ආශ්‍රිත පුවත්

No comments:

Post a Comment