විදුලි සැර වැදීමෙන් මහනුවර, වත්තේගම, මඩවල ප්‍රදේශයේ පදිංචි මවක් හා ඇගේ දියණිය මියගොස් තිබේ.
කම්බියක ආධාරයෙන් වැලක් ගැට ගැසීමට යාමේදී මවට විදුලි සැර වැදී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සහ කිරීමේදී දියණියට ද විදුලිසැර වැදී ඇති බව සඳහන්ය.
58 හැවිරිදි වියේ පසුවු මව හා 20 හැවිරිදි දියණිය මෙලෙස මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහිදී වයස අවුරුදු 8 ක කුඩා පිරිමි දරුවෙකුට ද විදුලිසැර වැදී ඇති අතර ඔහු මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
No comments:
Post a Comment