කොටුව ගාලූ මුවදොර මුහුදු වෙරළේ තිබී නාදුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
අද (03) උදෑසන 6.00 ට පමණ මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.
වයස අවුරුදු 35 පමණ වන කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මළ සිරුර මේ වන විට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
කොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
No comments:
Post a Comment