Sunday 7 April 2013

ජාති ආගම් විදියට වැඩ කරන ජනතාව බෙදන්න කිසිවකුට ඉඩ නොදිය යුතුයි – ලාල් කාන්ත

දැන් මේ දිනවල ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා ජිනීවාවලදී ඇමෙරිකාව ඇතුළු රටවල් 47 ක් එකතුවෙලා යෝජනාවක් ගෙනල්ල ඒක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 සමුළුවට ඉදිරිපත් කර සම්මත කරා. ඒකෙදි ඡුන්ද 25 ක් ලබාගෙන ජයග‍්‍රහණය කරා. 13 ක් විරුද්ධ වුණා. 8 ක් නිශ්ක‍්‍රීයව තිබ්බා. දැන් ඒ යෝජනාව සම්මත කිරීමත් එක්ක අපේ රටට මෙතනින් එහාට වෙන්නෙ මොකක්ද. ඒ පිළිබඳව රටේ පුරවැසියො විදියට අවබෝධයකට එන්න ඕන. අපි කරන්න ඕන මොකක්ද කියලා. අධිරාජ්‍යවාදී බලවේග සහ තවත් විවිධ කණ්ඩායම් ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සඳහා වන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරමින් තිබෙනවා. උතුරු නැගෙනහිර වෙන් කරලා ශ‍්‍රී ලංකාව දෙකට බෙදීම සඳහා වන සැලැස්මක් බොහෝ කාලයක සිට ක‍්‍රියාත්මක කරගෙන එනවා. ඒක විවිධ ස්වරූප වලින් ආව එක එක කාලවලදී. ඒකට උවමනා කරන වට පිටාව රට තුල නිර්මාණය කලා. කළු ජූලියේ ජේ.ආර්. ලා රනිල් වික‍්‍රමසිංහලා කලේ ඒ සැලැස්මට ඕන කරන තත්වයන් නිර්මාණය කිරීම. 83 කළු ජූලියේ ඔයගොල්ලන්ට මතකයි රාජ්‍යයේ අනුග‍්‍රහය ඇතිවයි ක‍්‍රියාත්මක කළේ. නිකං ආපු එකක් නොවෙයි. පොලීසියට හමුදාවට නිවාඩු දීල ඒගොල්ලන්ගෙ දෑත් බැඳල පැත්තකට වෙලා බලං ඉන්න කියල රනිල් වික‍්‍රමසිංහ ජේ.ආර්. ලා කලූ ජූලිය නිර්මාණය කළේ අර බෙදුම්වාදී වැඩපිළිවෙලේ කොටසක් හැටියට. අදත් කළු ජූලියක් හදන්න පුළුවන්ද කියල කට්ටියක් ට‍්‍රයි කරමින් ඉන්නවා මුස්ලිම් ජනතාව වටලමින්. මුස්ලිම් ජනතාවත් සම්බන්ධ කරගෙන හලාල් මාතෘකාවත් සම්බන්ධ කරගෙන ඒ ඔස්සේ මතු කරන විවිධ කෑලි කැබලි තවත් බෙදුම්වාදී වැඩපිළිවෙලක් ඉස්සරහට ගේන්න රට තුළ දරුණු උත්සාහයක් තියෙනවා. එහෙම බෙදුම්වාදී වැඩපිළිවෙලක් දීර්ඝ කාලයක් තිස්සේ එනවා. රට තුලත් එයට තත්වයන් නිර්මාණය කරමින් ඉන්නවා. දෙමළ ජනතාව එක පැත්තකට ගොඩ දානව. සිංහල ජනතාව තවත් පැත්තකට ගොඩ දානව. මුස්ලිම් ජනතාවත් තවත් පැත්තකට ගොඩ දානව. ඒකත් මේක රට ඇතුලේ කරන ඩියුටියක් එක එක පක්‍ෂ විසින්. මේ කෑල්ල දෙමළ අයට, මේ කෑල්ල සිංහල අයට. සිංහලයොත් එක්ක දෙමළ අයට ඉන්න බැහැ. දෙමළ අයත් එක්ක සිංහල අයට ඉන්න බැහැ. මුස්ලිම් අයත් එක්ක සිංහල අයට ඉන්න බැහැ. ගොඩවල් 3 කට බෙදනවා. මෙහේ ව්‍යාපාර කරන අය කොයි වෙලාවෙ හරි පන්නනවා. එහේ ව්‍යාපාරෙ කරන අය තවත් කොහේට හරි පන්නනවා. පන්නල මේක වාර්ගික කට්ටියක් ඒ පැත්තෙත් මේ පැත්තෙත් වෙන් කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ගෙ දේශපාලන වැඩපිළිවෙලට හරිම හොඳයි. අපි ලංවෙනවා නම් කිට්ටු වෙනව නම් බෙදුම්වාදීන්ට අවාසියි. දැන් රට ඇතුළෙත් යනවා. ඒ සඳහා වන දේශපාලන පක්‍ෂ තියෙනවා. ඒ නම් වලින්ම තියෙනවා. මේ මුස්ලිම් අයට අයත් පක්‍ෂ. මේක දෙමළ අයගෙ පක්‍ෂ. මේක සිංහල අයගෙ පක්‍ෂ. පක්‍ෂත් හදාගෙන දෙමළ අයගෙ පක්‍ෂය කවදාවත් සිංහල ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ එහෙම නැතිනම් වැඩ කරන ජනතාවගේ අයිතීන් ගැන කථා කරන්නේ නැහැ. ඒ ගොල්ල කථා කරන්නෙ දෙමළ අයගෙ ප‍්‍රශ්ණ. ඒක තමයි දෙමළ ජාතිවාදය. මුස්ලිම් අයට හදා ගත් පක්‍ෂ තියෙනවා. ඒ ගොල්ල කථා කරන්නෙ මුස්ලිම් අයගෙ ප‍්‍රශ්ණ ගැන. සිංහල අය ලියාගත්ත හදාගත්ත පක්‍ෂ තියෙනවා. ඒ ගොල්ල කථා කරන්නෙ සිංහල අයගේ ප‍්‍රශ්ණ. ඒ ගොල්ල දෙමළ අයගේ අයිතිය, මුස්ලිම් අයගේ අයිතිය ඒ මොකුත් නැහැ. ඒව අදාල නැහැ. අවශ්‍ය නැහැ. මුස්ලිම් අපි සැමගේ අයිතිය වැඩකරන ජනතාවගේ අයිතිය නැහැ. එහෙම සාකච්ඡුාවක් නැහැ. එහෙම හදාගෙන ඇවිල්ල උඩට ආපු හදාගත්ත සන්නද්ධ අරගලය කඩාගෙන වැටුනා 2009 දී. ඒ අරගලය අවසන් කරන්න වැඩ කරන ජනතාව ලොකු අරගලයක් කරා. වැඩ කරන ජනතාවගේ හයියෙන් තමයි අධිරාජ්‍යවාදීන්ගෙ ඒ කුමන්ත‍්‍රණය ආපස්සට හරවන්න පුළුවන් වුනේ. වැඩ කරන ජනතා බලයකට ඒ විදිහෙ සටනක් කරල ජනාතවට සැබෑ ජයග‍්‍රහණයක් අරගෙන තියෙනවා. ඒ නිසා මේකෙ මුලික කාර්ය කරන්න වෙන්නෙ වැඩ කරන ජනතාවට. ඔවුන්ගෙ බලයට තමයි අධිරාජ්‍යවාදීන්ගෙ කුමන්ත‍්‍රණය පරද්දන්න පුළුවං. ඒ නිසා අපි අධිරාජ්‍ය ගැති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවත් අධිරාජ්‍යවාදීනුත් එක විට පරාජය කිරීමේ සටනක් අපිට තියෙනවා. ඒ සඳහා වැඩකරන ජනතාවට ශක්තිමත් කාර්ය භාරයක් ඉටු කිරීමට ඉදිරියේදී සිදුවෙනවා. ඒ සඳහා සූදානම් විය යුතුයි.

No comments:

Post a Comment