Saturday 13 April 2013

කොරියා යුද්ධය බේරන්න ස්විට්සර්ලන්තය එයි

උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඇතිවී තිබෙන අර්බුදය විසදීමට ස්විට්සර්ලන්තය මැදහත් වී ඇතැයි රුසියාවේ විදේශ ඇමතිවරයා පවසයි. දෙරට අතර ස්විට්සර්ලන්තයේදී සාකච්ඡා පැවැත්වීමටත් ඒ සඳහා ඇමෙරිකාව, චීනය, රුසියාව සහ ජපානය සහභාගී වීමටත් එකඟ වී ඇතැයි වාර්තා වේ. උතුරු කොරියා නායක කිම් ජෝන් ඉන් සිය පියා උතුරු කොරියාවේ ජනාධිපතිවරයාව සිටියදී එරට තානාපති කාර්යාලයේ රියදුරකුගේ පුත්‍රයකු ලෙස පෙනී සිටිමින් හොර රහසේම ස්විට්සර්ලන්ත අධ්‍යාපනය ලබා සිටීම මෙම මැදහත් වීමට විශේෂ හේතුවක් බව ද දේශපාලන විචාරකයෝ කියති.

No comments:

Post a Comment