Thursday 20 June 2013

මැර දේශපාලනයට එරෙහිව දකුණෙනුත් රතු එළි

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක් ආණ්ඩු පක්‍ෂ පළාත් සභා මන්ත‍්‍රීවරයකු විසින් දණගැස්වීමට එරෙහිව මේ වන විට රටපුරා විරෝධතා ක‍්‍රියාමාර්ග දියත් කරමින් ඇත. ඒ අනුව අද දිවයිනේ බොහෝ පළාත්වල පාසල්හි ගුරුවරුන් මෙවැනි විරෝධතා ක‍්‍රියාමාර්ග සඳහා සහභාගී විය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගමේ පාසල වූ හම්බන්තොට වීරකැටිය ඞී.ඒ. රාජපක්‍ෂ විද්‍යාලයේ සියළු ගුරුවරු අද දින උද්ඝෝෂණ සඳහා සහභාගී වීම විශේෂත්වයක් විය. එමෙන්ම තංගල්ල නගරයේදී සියළු ගුරුවරුන් සහභාගී වූ පෙළපාලියක් පැවති අතර ඒ සඳහා 1000 කට අධික ගුරුවරු පිරිසක් සහභාගී වූ බවත් සූරිය වැවදී පැවති උද්ඝෝෂණය සඳහා විශාල ගුරුවරු පිරිසක් සහභාගී වූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රකාශකයකු අප හා පැවසීය.

ගුරුවරුන් දණ ගස්සවන ආණ්ඩුවේ මැර දේශපාලනය පිළිකුලෙන් හෙළා දකිමු යනුවෙන් සඳහන් බැනර් සහිතව පැවැත්වූ එම උද්ඝෝෂණය සඳහා ජනතා ප‍්‍රතිචාර විශාල වශයෙන් ලැබුණු බවත් විශේෂයෙන් පසුගිය කාලයේ තංගල්ල වැනි නගරයන්හි උද්ඝෝෂණ පැවැත්වීම සඳහා ඉඩ නොතැබූ තත්වයක් තුල මෙම උද්ඝෝෂණය සඳහා ජනතා ප‍්‍රතිචාර ඉහළින් ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.  

No comments:

Post a Comment