Thursday 20 June 2013

සැබෑ දිවියේ කටකතා රැසකට මැදි වූ අභීත දියණියහි ඉන්හියොන් බිසව

“ඔබ ‘අභීත දියණි’ ටෙලි නාට්‍යයේ රසිකයකු නම් පසුගියදා අකල් මරණයකට පත් වූ එහි ඉන්හියොන් බිසව ආගන්තුක චරිතයක් විය නොහැක. එමෙන්ම ඉන්හියොන් යනු ඓතිහාසික චරිතයකි. ඉතිහාසයේ අපට හමුවන ඉන්හියොන් බිසව, සුක්ජොන්ග් රජුගේ දෙවැනි පාද පරිචාරිකාවය. ජෝසන් රාජ වංශයේ සිටි එක් ඉතා යහපත් බිසවක ලෙසින් ද ඇය ප්‍රකටය. එබැවින් කොරියානු ඓතිහාසික නාට්‍යවල ඉන්හියොන් බිසවගේ චරිතය දක්නට ලැබේ. අභීත දියණිය යනු ඉන් එක් ටෙලි නාට්‍යයක් පමණි. එහි ඉන්හියොන් බිසවගේ චරිතයට පණ දෙන්නේ කොරියාවේ ජනප්‍රිය නිළියක වන පාර්ක් හා සුන්ය. සුරතල් අහිංසක පෙනුම ඇගේ නිළි ජීවිතයේ සාර්ථකත්වයේ සාධකය බව බොහෝ දෙනා පවසති.
1987 ඔක්තෝබර් 22 වැනිදා උපත ලද පාර්ක් හා සුන් කොරියාවේ සිටින දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය මුලින්ම රංගනයට දායකවන්නේ 2005 වසරේදී රූපවාහිනියෙන් විකාශනය වූ මාලා නාටකයක් වන ‘ලව් නීඩ්ස් මිරකල්’ හි ය. පසුව ඇය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාAbeetha1දරයට පත්වන්නේ දොංග්යි හෙවත් අභීත දියණි හි චරිත නිරූපණය කිරීමෙන් අනතුරුවය. අභීත දියණිය හි ඉන්හියොන් චරිතයෙන් සමුගත්තද ඇය මේ වන විට චිත්‍රපට හා රූපවාහිනී නාටක විසිපහකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ. ඇය සිය රංගනය වෙනුවෙන් මේ වන විට සම්මාන හතරක් හිමිකර ගෙන සිටින්නීය.
මෑත දිනකදී පාර්ක් හා සුන් හා කොරියාවේ ජනප්‍රිය නළුවකු වන ලී ග්වෑන්ග් සූ පිළිබඳ විවිධ කතා පැතිර යන්නට විය. එයට හේතුව වූයේ ඔවුන් දෙදෙනා එක්ව රංගනයෙන් දායක වූ බෑන්ඩ් ඒඩ් සිනමා නිර්මාණය හේතුවෙනි. ඔවුන් මේ සිනමා පටය එළිදැක්වීම වෙනුවෙන් පැවැත් වූ සාදයට පැමිණි අවස්ථාවේ එක් මාධ්‍යයකින් ඒ පිළිබඳව පවසා තිබුණේ ඒ දෙන්නා හරියට මාමයි ‍ලේලියි වගේ නේ’ යනුවෙනි.
පාර්ක් හා සුන්ගේ අන්තර්ජාලයට මුදා හැර තිබූ තවත් ඡායාරූප කිහිපයක් පිළිබඳ බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ ඇය ඒවායේ බොහෝ සුරතල් පෙනුමකින් යුක්ත වන බවය. ඇය එම ඡායාරූපවල හැඳ සිටින්නේ කොට ගවුමකි. එම ඡායාරූපවලින් ඇගේ ස්ත්‍රිත්වය වඩාත් ඉස්මතුවී තිබෙන බව සඳහන් කොට තිබිණි.
පාර්ක් හා සුන් පිළිබඳව කොරියානු මාධ්‍ය වැඩි වශයෙන්  ලුහුබඳින බැව් පෙනෙන්නේ එහි අනෙක් නිළියන්ට වඩා ඇය පිළිබඳ ඕපාදූප මතුවන බැවිනි. කොරියනු නළුවකු වන රියු ඩුක් හ්වෑන් සහ පාර්ක් හා සුන් සිංගප්පූරුවේ නිවාඩුවකට ගොස් සිටියදී ජනප්‍රිය පුද්ගලයන්ගේ ඕපාදූප ලුහුබඳින පැපරාසීන්ට හසුවී තිබේ. ඔවුන් දෙදෙනා අතර යම් පටලැවිල්ලක් ඇති බවට කනින් කොනින් අසන්නට ලැබුණ ද මෙම සිදුවීම නිසා එය ඇත්තක් බවට පත් විය. ඔවුන් පිළිබඳ කට කතා පැතිර ගිය සෑම අවස්ථාවකම එවැන්නක් නැතැයි දෙදෙනාම පැවැසුව ද මේ පිළිබඳව Abeetha2ඔවුනට වැඩිපුර පවසන්නට කිසිවක් නැති බැව් පෙනේ. සිංගප්පූරුවේ සිටිනා පාර්ක් හා සුන්ගේ ඥාතීන් මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.
“එයා අපිව බලන්න එයාගේ යාළුවෙක් එක්ක ආවා. ඉතිං ඒකේ ඇති වරද මොකක්ද? අනෙක මේ වාගේ ෆොටෝ අද කා‍ලේ කොහොම හදන්න බැරිද?”
සියල්ල පැහැදිලිව පෙනෙන්නට තිබුණ ද ඔවුන් දෙදෙනාම තවමත් ප්‍රකාශ කර සිටින්නේ තමන් අතර එවැනි සම්බන්ධයක් නැතැයි කියාය.
“අපි දෙන්නා හොඳම හොඳ යාළුවෝ විතරයි” ඔවුන් පවසන්නේ එවැන්නකි. නමුත් මාධ්‍ය පවසන්නේ ඔවුන් දෙදෙනා පෙමින් වෙලී සිටින  අවස්ථා ගණනාවක්ම ඔවුන් දැක ඇති මුත් ඡායාරූපයකට හසුකරගන්නට ලැබුණු හොඳම අවස්ථාව මෙය බවය. නමුත් මෙම සිදුවීමෙන් පසුව ඇය මාධ්‍ය මග හරින බැව් නම් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. නව ටෙලි නාට්‍යයක් සම්බන්ධව මෑතකදී සෝල් නුවර කොන්රාඩ් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී එක් මාධ්‍යවේදියකු ඇයගෙන් මෙම සිංගප්පූරු සිදුවීම පිළිබඳ අසා තිබේ. එවිට ඇය එම ප්‍රශ්නය නොඇසුණු ආකාරයෙන් හිඳ මෙසේ පවසා තිබේ.
“මම නාට්‍යයේ මගේ චරිතය ඉතාම හොඳින් කරන්නට බලා‍පොරොත්තු වෙනවා.” ඇයගේ මෙම ගුප්ත ස්වභාවය නිසා මාධ්‍ය ඇයගේ ඕපාදූප වැඩි වශයෙන් සොයන්නට පටන් ගෙන ඇති බව ද පැවැසේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක

No comments:

Post a Comment