Sunday 9 June 2013

බිරිඳට අමානුෂික වදහිංසා පමුණුවා ඇයට උදැල්ලකින් පහර දුන් යුද හමුදා අත්අඩංගුවට

බිරිඳට අමානුෂික වදහිංසා පමුණුවා ඇයට උදැල්ලකින් පහර දුන් යුද හමුදාවේ සේවයේ නියුතු සැමියා තිරප්පනේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු මේ මස 12 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසාවිනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුනේ තිරප්පනේ තෝඩමඩුව පදිංචි මල්ලාවි පාබල කඳවුරේ සේවයේ නියුතු ලාන්ස් කෝප‍්‍රල් වරයෙකි. මෙම සැකකාර ලාන්ස්කෝප‍්‍රල් වරයා නිවාඩුවට පැමිණී විට බිරිඳ සම`ග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා බවත් ඉන් පසුව ඇයට පහැර දෙන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. සැකකරු පසුගිය දා බිරිඳ තෝඩමඩුව වැව් බැම්ම දෙසට ඇදගෙන ගොස් අතින් පයින් හා උදැල්ලකින් පහර දෙද්දී එය දුටු ගම්වාසියෙකු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩි දුරටත් අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධියේ පැමිණිල්ල වූ ලාන්ස්කෝප‍්‍රල් වරයාගේ බිරිඳ නීතීඥ මදාරා විජේසිංහ මහත්මිය ම`ගින් අධිකරණයට දන්වා සිටියේ සැකකාර සැමියා නිවාඩු පැමිණි පසු නිරන්තරයෙන් නිවසේ ගැටුම් ඇති කර ගනිමින් හේතුවක් නොමැතිව නිකරුනේ පහර දෙන බවයි.
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසුරිය

No comments:

Post a Comment