Monday 20 August 2012

මැතිවරණ ප්‍රචාරණයේ ගිය රාජ්‍ය වාහන ගැන පැමිණිලි 35ක

රජය සතු වාහන පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 35 ක් ලැබී ඇතැයි, මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එම කාර්යාලයේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඉන් පැමිණිලි 16 ක් වාර්තා වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බවයි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 7 ක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය. ඒ අතර මේ වන විට පළාත් සභා මැතිවරණය ආශ්‍රිතව මේ දක්වා පැමිණිලි 178 ක් වාර්තා වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. ඉන් 20 ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි බව එම කාර්යාලය පැවසීය.

No comments:

Post a Comment