Saturday 18 August 2012

වැල්ලවතේ නිවසකින් මළ සිරුරු තුනක්

වැල්ලවත්තේ නිවසක් තුළ තිබී අද දහවල් පුද්ගල මළ සිරුරු තුනක් සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එම සිරුරු මව, පියා සහ දියණියකගේ බවට සැකකරන බවයි. රාමක්‍රිෂ්ණ උද්‍යානයේ නිවසකින් අද දහවල් 12.30 ට පමණ එම මළසිරුරු සොයාගෙන තිබේ. ඔවුන් මියගිය ආකාරය සම්බන්ධ‍යෙන් මේ වනවිට ප‍රීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

No comments:

Post a Comment