Friday 17 August 2012

අක්කරෙයිපත්තුවේ ඡන්ද ගන්න හකීම් අතාවුල්ලා මරාගනිය

නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ඉලක්ක කරගෙන ආණ්ඩුවේම කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු වන අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරුන් අතර ''මාරාන්තික'' සටනක් උද්ගත වී ඇතැයි වාර්තා වේ. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම මාරාන්තික සටන ඇති වී තිබේ. ඇමති අතාවුල්ලා මහතා විසින් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන්ට අක්කරෙයිපත්තුව ප්‍රදේශය තහනම් කලාපයක් බවටද පත්කොට ඇත. මෙම මැතිවරණයේදී ඇමැති රාවුෆ් හකීම්, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ හිටපු නාගරික මන්ත්‍රී අසාද් සාලි යන දේශපාලනඥයන් ජාතිවාදය සහ ආගම්වාදය යොදා ගනිමින් සිදු කරනු ලබන මුග්ධ ප්‍රකාශ වහා නතර කළ යුතු යෑයි නැගෙනහිර ආගමික නායකයෝ පවසති. ජාතීවාදී ප්‍රශ්න නිසා රට අවුරුදු 30ක් තිස්සේ ගනි ජාලාවක ගිලී තිබූ බවත් නැවත එවැනි තත්වයක් ඇති කිරීමට ආණ්ඩුවේම මැති ඇමතිවරුන් වන මොවුන්ගේ ප්‍රකාශ ඉවහල් වනබවත් උන්වහන්සේලා පවසති. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිව යුතු වුවත් කිසිත් ගණනකට නොගෙන නෑහූ කන් ඇතිව බලා සිටින්නේයැයිද උන්වහන්සේලා වැඩිදුරටත් පැවසූහ.

No comments:

Post a Comment