Saturday 4 August 2012

ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොලිස් කූඩුවට

ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව ඔහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි. පෞද්ගලික ආරවුලක් මත එම පහරදීම කර ඇති බව පොලීසිය පැවසීය. පහරදීමට ලක් වු පුද්ගලයා මේ වන විට ගලෙන්බිඳුනුවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

No comments:

Post a Comment