Friday 3 August 2012
පළාත් සෞඛ්‍ය ඇමතිගෙන් වෛද්‍යවරයාට ප්‍රහාරයක් ?
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට තර්ජනය කර එම කාර්යාලයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
ඊයේ පස්වරුවේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදී එම පහරදීම කර ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ, ඊට විරෝධය පළකරමින් අද දිනයේ මධ්‍යම පළාත් වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බවයි.
අප කළ විමසීකදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවසූවේ, ඊයේ පස්වරුවේ තමන් එවැනි සිදුවීමකට මුහුණ දුන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මහනුවර පොලීසිය පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment