Sunday 19 August 2012

විදුලි වෘත්තීය සමිතිවලින් යළි චෝදනාවක්

ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය තමන් සමග අත්සන් කළ ගිවිසුම කඩකර ඇති බවට විදුලිබල වෘත්තීය සමිති චෝදනා කරයි. ලංකා විදුලිබල මණ්ඩල ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, පසුගිය 16 වැනිදා තමන් කම්කරු කොමසාරිස්වරියගේ මූලිකත්වයෙන් විදුලිබල මණ්ඩල පාලනාධිකාරියත් සමග ගිවිසුමකට එළඹීමෙන් වැඩ වර්ජනය අත්හල බවයි. එම ගිවිසුම ප්‍රකාරව, සේවකයින්ට තර්ජනය කිරීම්, ස්ථානමාරු කිරීම්, හා බියවැද්දීම් සම්පූර්ණයෙන් නතර කළ යුතු බව කම්කරු කොමසාරිස්වරිය, විදුලිබල මණ්ඩල පාලනාධිකාරියට උපදෙස් දුන් බව ද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති, අනුර විජේපාල මහතා සඳහන් කළේ, ගිවිසුමේ කිසිදු කොන්දේසියක් උල්ලංඝනය වී ‍නොමැති බවයි.

No comments:

Post a Comment