Tuesday 7 August 2012

චීන බලාපොරොත්තුවක් බොඳ වෙයි

මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඔලිම්පික් ශූර චීනයේ ලියූ සියෑංට මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලින් ඉවත් වීමට සිදු විය. ඒ අද පැවති එම ඉසව්වේ මූලික වටයේදී ඔහු ධාවන පථය මත ඇඳ වැටීම හේතුවෙනි. ඒ සමග ලන්ඩන් ඔලිම්පික් උළෙලේ චීනයේ පදක්කම් බලාපොරොත්තුවක් බොඳ විය. 2004 ඇතෑන්ස් ඔලිම්පික් උළෙලේදී ලියු සියෑං මෙම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව පිහිටවූයේ, තත්පර 12.91ක් වාර්තා කරමිනි. 2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේ දී ඔහු මූලික වටයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් එවර ද ඔහුට ඔලිම්පික් උළෙල අහිමි විය.

No comments:

Post a Comment