Sunday 5 August 2012

ලොව වේගවත්ම මිනිසා යළි කිරුළු පළදී

ලොව වේගවත්ම මිනිසා තමන් බව යළි තහවුරු කරන්නට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත් විය. ඒ, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් ද සමග ජය ගැනිමිනි. උසේන් බෝල්ට් මීටර් 100 ඉසව්ව නිම කළේ, තත්පර 9.63කිනි. ඒ අනුව 2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්ව සඳහා ඔහු විසින්ම පිහිටුවනු ලැබූ වාර්තාව අලුත් කිරීමට බෝල්ට හැකි විය. මීට පෙර මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් වාර්තාව වුයේ තත්පර 9.69කි. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ද ජැමෙයිකාවට හිමි විය. ඊට හිමිකම් කීවේ තත්පර 9.75කින් තරගය නිම කළ යොහාන් බ්ලේක්ය. තත්පර 9.79කින් සිය ඉසව්ව නිම කළ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ට හිමි වූයේ, තෙවැනි ස්ථානයයි. අමෙරිකාවේ ටයිසන් ගේට සිව්වැනි ස්ථානය හිමි වූ අතර පස්වැනි ස්ථානයට තරගය නිම කරනු ලැබුවේ, අමෙරිකාවේ රයන් බේලි විසිනි. ජැමෙයිකාවේ අසාෆා පවෙල් තරගය නිම කළ ද ඔහු තරගය අතරතුරදී අබාධයට ලක් විය.

No comments:

Post a Comment