Monday 6 August 2012

බෝල්ට් සැරසෙද්දී ධාවන පථයට බෝතලයක්

පිරිමි මීටර් 100 ඉසව්ව ආරම්භයට පෙර ධාවන පථයට බෝතලයක් විසි කළ ක්‍රීඩාලෝලියකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයක් යොමු වූයේ, එහි ජයග්‍රාහකයා ලොව වේගවත්ම මිනිසා වීම හේතුවෙනි. උසේන් බෝල්ට් ඇතුළු ධාවකයින් තරගය ආරම්භයට සූදානම් ව සිටියදී පුද්ගලයකු වතුර පිරවූ බෝතලයක් ධාවන පථයට විසි කර තිබේ. එහෙත් ක්‍රීඩකයින්ගේ පසුපසින් මෙම බෝතලය පතිත වීම හේතුවෙන් ඒ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වුයේ නැත. විදෙස් වාර්තා පැවසූවේ, පසුව බෝතලය විසි කළ පුද්ගලයා එංගලන්ත පොලීසිය වසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

No comments:

Post a Comment